සයුරෙන් එතෙර
ජපානය ඉන්දියාවේ නව ආයෝජන අවස්ථා ගැන උනන්දුවෙන්
April 2, 2026 01:11 pm
ඉන්දියාවේ ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන ජපන් සමාගම්වලට සහායවීමේ අරමුණින් ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නව කාර්යාලයක් ඉන්දියාවේ පිහිටුවීමට සැලසුම් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජපානය විසින් ඉන්දියාව සමග ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස එම කටයුතු සිදුවෙනු ඇති බවය.
ඉන්දියාව ප්‍රධාන ආර්ථික සහ උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස සලකා ජපානය දක්වන උනන්දුව මෙමගින් පිළිබිඹු කෙරෙන බවද ඉන්දීය මාධ්‍ය පවසයි.
ඉන්දියාවේ ක්‍රියාත්මක වන ජපන් සමාගම්වලට මතුවෙන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී මෙම කාර්යාලය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි පැවසෙයි.
ඉන්දියාව සහ ජපානය අතර ආර්ථික සබඳතා සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමේ අරමුණ ඇතිව සිදුවෙන මෙම ක්‍රියාවලිය හරහා ඉදිරි දශකය තුළ ඉන්දියාවේ පෞද්ගලික අංශයේ ආයෝජන ලෙස යෙන් ට්‍රිලියන 10ක් ලබා ගැනීමේ ඉලක්කයක් ද ඒ අතර වෙයි.
2024 වසරේදී ඉන්දියාවේ ක්‍රියාත්මක වූ ජපන් සමාගම් සංඛ්‍යාව 1,434 කි.
