ඉන්දීය වෙඩිතැබීමකින් ත්‍රස්ත අණදෙන නිලධාරියෙකු මරුට
April 25, 2025 02:53 pm
ඉන්දීය ආරක්ෂ අංශ විසින් අද (25) සිදුකළ මෙහෙයුමකින් ලෂ්කර්-ඊ-තායිබා (LeT) සංවිධානයේ ඉහළ පෙළේ අණදෙන නිලධාරියෙකු වන අල්තාෆ් ලලි වෙඩිතබා ඝාතනය කර ඇත.
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ බන්ඩිපුරා හිදි සිදු වූ වෙඩි හුවමාරුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බවයි.
ඉකුත් අප්‍රේල් 22වනදා පුද්ගලයින් 26 දෙනෙකුට මරුකැඳවූ පහල්ගම් ප්‍රහාරයේ වගකීම මෙම ලෂ්කර්-ඊ-තායිබා සංවිධානය විසින් මේ වනවිට භාරගෙන තිබේ.
ඒ හේතුවෙන් එම සංවිධානයේ ත්රස්තවාදීන් සොයා ඉන්දීය ආරක්ෂක අංශ මේ වනවිට අඛණ්ඩ මෙහෙයුම් ආරම්භ කර ඇත.