ශ්‍රී ලංකාව සිව්වන සමාලෝචනයට අදාළව IMF සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයකට
April 25, 2025 06:00 pm
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් වසර 4ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ සිව්වැනි සමාලෝචනයට අදාළව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත.
ඒ අනුව මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට තවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 344ක පමණ මූල්‍යයන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවන බව වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ දක්වා ලැබෙන මුදල ඩොලර් මිලියන 1,722 ක් දක්වා ඉහළ යනු ඇත.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.