වෙඩිතැබීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට

වෙඩිතැබීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට

April 10, 2025   06:45 am

උරගස්මංහන්දිය, බෙලිගස්වේල්ල ප්‍රදේශයේ නිවසක රැදී සිටි පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

පසුගිය 4 වනදා රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

වෙඩි තැබීම සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබු අතර ලද තොරතුරක් මත බෙලිගස්වේල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඊයේ (09) සවස මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 

සැකකරු වයස අවුරුදු 46 ක් වන දික්කැලේ, බෙලිගස්වේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඌරගස්මංහන්දිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.