තමීම් ඉක්බාල්ට හෘදයාබාධයක්

තමීම් ඉක්බාල්ට හෘදයාබාධයක්

March 24, 2025   03:26 pm

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු එක්දින ක්‍රිකට් නායක තමීම් ඉක්බාල් හදිසියේ රෝහල් ගත කර තිබේ.

ඩකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (24) පැවති තරගයක් අතරතුර ඔහු මෙලෙස රෝහල් ගත කර ඇත්තේ, හෘදයාබාධයක් ඇතිවීම හේතුවෙනි.

ඔහු රෝහල් ගත කිරීමෙන් අනතුරුව හදිසි සැත්කමකටද භාජනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තමීම් ඉක්බාල් කඩිනමින් රෝහල්ගත කිරීම සඳහා හෙලිකොප්ටර් යානයක්ද ක්‍රීඩාංගණය අසලට රැගෙන විත් තිබූ නමුත් සෞඛ්‍ය තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටි රෝහලක් වෙත ඔහු ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

ඔහුගේ රෝගි තත්ත්වය බරපතළ බවද ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබුණි.

36 හැවිරිදි තමීම් ඉක්බාල් කලක් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළේය.

ඔහු 2025 වසරේ ජනවාරි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබුණි.

තමීම් ඉක්බාල් බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට්,එක්දින සහ 20යි 20 තරග 391කට ක්‍රීඩාකර ඇති අතර ලකුණු සංඛ්‍යාව 15,249කි.