ජීවිත බිලිගත් දකුණු කොරියාවේ ලැව්ගිනි
සයුරෙන් එතෙර

ජීවිත බිලිගත් දකුණු කොරියාවේ ලැව්ගිනි

March 26, 2025   09:12 am

දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, වසර 1,300ක් පැරණි විහාරස්ථානයක් ද ගින්නෙන් විනාශ වී ඇත බවය.

දකුණු කොරියාවේ සෝල් ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිර ඇති බව එරට බලධාරීන් පවසයි.

ගින්නෙන් ගොඩනැගිලි 200කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර පුද්ගලයින් 27,000ක් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

දකුණු කොරියාවේ ගිනිකොනදිග කලාප හයක ඇති වූ ලැව්ගිනි හේතුවෙන් අක්කර 43,330ක් ගිනිගෙන ඇති අතර පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්ය.

විදෙස් වාර්තා සඳහන් කළේ ලැව්ගිනි තත්ත්වය පාලනය කිරීම සඳහා ගිනිනිවන භටයින් 9,000කට ආසන්න සංඛ්‍යාවක් සහ හෙලිකොප්ටර් 130කට වැඩි ප්‍රමාණයක් යොදා ගෙන ඇති බවය.