අනුරාධපුර රෝහලේ වර්ජනය අත්හිටුවයි
March 13, 2025 10:36 am
වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.
බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව අදාළ තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කර ඇත.
මේ අතර, අදාළ සිදුවීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනේ සියලු රෝහල්වල ආරම්භ කළ සංකේත වැඩවර්ජනය ද අද (13) පෙරවරු 8.00 අවසන් වුණි.