
හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය මංසන්ධියේ සවිකර ඇති මාර්ග සංඥා පද්ධතියේ ඇතිව තිබෙන දෝෂයක් හේතුවෙන් මේ දිනවල රියදුරන් දැඩි අපහසුතාවයට පත්ව සිටී.
කොට්ටාව දෙසට දිවෙන මාර්ගයේ සවිකර ඇති මාර්ග සංඥා පද්ධතියේ රතු සහ කොළ වර්ණ දෙකම එකවර දර්ශනය වීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන තිබේ.
මේ පිළිබඳව 'අද දෙරණ' මහරගම පොලීසිය දැනුවත් කිරීමට පියවර ගත් අතර ප්‍රදේශයේ බොහෝ පිරිසක් මේ පිළිබඳ පොලීසිය දැනුවත් කර ඇත.
කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ යම් අනතුරක් සිදුවිය හැකි බවට ජනතාව බිය පළ කරන අතර, මේ පිළිබඳ බලධාරීන් හැකි ඉක්මනින් ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කෙරේ.




















































