
ශ්‍රී ලාංකික ළමා පරපුරේ මහා කළඑළි මංගල්‍යය වන දෙරණ ලිට්ල් ස්ටාර් 13 වන අදියරේ අවසන් මහා තරගය අද (12) රාත්‍රියේ අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.
අවුරුදු 8න් පහළ ගායන සහ නර්තන අංශය සඳහා මෙන්ම අවුරුදු 13න් පහළ ගායන සහ නර්තන අංශයෙන් ළමා තරගකරුවන් රැසක් තරග මින් පෙර තරග වැදුණු අතර ඉන් ළමා තරගකරුවන් සහ තරගකාරියන් 8 දෙනෙකු අවසන් වටයට තේරී පත්විය.
මෙහිදී දක්ෂතම තරු විනිශ්චය මණ්ඩලය මගින් තෝරා පත් කර ගැනීම සිදු කෙරුණු අතර ජනප්‍රියම තරු ජනතා මනාපයෙන් තෝරා ගැනීම සිදු කෙරිණි.
එහිදී පළමුව ජනප්‍රියම කාණ්ඩයේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ප්‍රධානය කිරීම සිදු කෙරුණි.
එහිදී වයස අවුරුදු 8න් පහළ ගායන අංශයේ ජනප්‍රියම පුංචි තරුව ලෙස අංක 5න් තරග වැදුණු නවීෂ් මින්සර දිනා ගනු ලැබූ අතර නර්තන අංශයේ ජනප්‍රියම පුංචි තරුව ලෙස අංක 16න් තරග වැදුණු ඩී. කැමේලියා දිනා ගනු ලැබුවාය.
වයස අවුරුදු 12න් පහළ ගායන අංශයේ ජනප්‍රියම පුංචි තරුව ලෙස අංක 8න් තරග වැදුණු මිහෙලි ලවන්යා විසින් දිනා ගනු ලැබූ අතර නර්තන අංශයේ ජනප්‍රියම පුංචි තරුව ලෙස අංක 19න් තරග වැදුණු කවීෂ් සස්මිත දිනා ගත්තේය.
ඉන් පසුව දක්ෂතම අදියරේ කිරුළු පැළඳීම සිදු කෙරුණි.
එහිදී වයස අවුරුදු 8න් පහළ ගායන අංශයේ දක්ෂතම පුංචි තරුව ලෙස කිරුළු පැළඳීමට යෙතුම් මාදෙව් සමත් වූ අතර අනු ශූරතාව දිනා ගැනීමට සෙනුමි ගිහන්සා සමත් වූවාය.
එමෙන්ම වයස අවුරුදු 12න් පහළ ගායන අංශයේ දක්ෂතම පුංචි තරුව ලෙස කිරුළු පැළඳීමට ප්‍රණාමි භාව්‍යා දිනා ගනු ලැබූ අතර එහි අනුශූරතාව දිනා ගැනීමට මිහිදුල සිතුම්මෙත් සමත් විය.
මේ අතර වයස අවුරුදු 8න් පහළ නර්තන අංශයේ දක්ෂතම පුංචි තරුව ලෙස කිරුළු පැළඳීමට කියානා ඩිනුලි සමත් වූ අතර එහි අනුශූරතාව දිනා ගැනීමට ගයුකි රෂේරා සමත් වූවාය.
වයස අවුරුදු 12න් පහළ නර්තන අංශයේ දක්ෂතම පුංචි තරුව ලෙස සෙහස් දසනායක දිනා ගනු ලැබූ අතර එහි අනුශූරතාව රවිසඳු පාරින්ද්‍යා විසින් දිනා ගනු ලැබුවාය.



















































