header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
සීමාව ඉක්මවා ඉදි කළ වත්තල ගේබියන් වැටියේ ඉදිකිරීම් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි
සීමාව ඉක්මවා ඉදි කළ වත්තල ගේබියන් වැටියේ ඉදිකිරීම් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි
Mobitel 1278

වත්තල පමුණුගම වහටියගොඩ වෙරළ තීරයේ වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා ඉදිකර ඇති ගේබියන් වැටිය සම්බන්ධ ඉදි කිරීම් කටයුතු නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව නතර කිරීමට පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.

ඒ පරිසර අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් ඊයේ (12) එම වෙරළ තීරයේ සහ වත්තල දික්ඹ්විට තල්දියවත්ත ප්‍රදේශයේ විශේෂ ස්ථානීය නිරීක්ණ කටයුතු දෙකක් සිදු කිරීමෙන් අනතුරුව මෙම උපදෙස් ලබාදී ඇත.

මෙම නිරීක්ෂණ අවස්ථාව සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සහභාගී වූහ.

එහිදී අදාළ ගේබියන් වැටිය සම්බන්ධයෙන් පරිසර අමාත්‍යවරයා විසින් ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමේදී අනාවරණය වී ඇත්තේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නියම කර ඇති සීමාවන්ට ඔබ්බෙන්ද ගේබියන් වැටිය ඉදිකර ඇති බවත් වෙරළට අයත් ප්‍රදේශද අවරණය වන ආකාරයට ඉදි කිරීම් සිදුකර ඇති බවත්ය.

වෙරළ සංරක්ෂණ කලාපය තුළ කිසියම් ඉදිකිරීමක් හෝ සංවර්ධන කටයුත්තක් සිදු කිරීමේදී අදාළ නීති හා රෙගුලාසිවලට අනුකූලව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසර හා අනුමැතිය ලබා ගැනීමට අත්‍යවශ්‍ය වන බැවින් ඒ අනුව අදාළ වැටිය සම්බන්ධව ඉදිකිරීම් කටයුතු නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව නතර කරන ලෙස ලෙස මෙහිදී අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම, ගේබියන් වැටිය ඉදිකිරීම සඳහා ලබාදී ඇති අනුමැතීන්, නියම කර ඇති සීමාවන් සහ ඉදිකිරීම් සිදුකර ඇති ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසද අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී.

මෙහිදී අදාළ රාජ්‍ය නිලධාරීන් විසින් තම රාජකාරී හා වගකීම් නිසි පරිදි ඉටුකර තිබේද යන්න පිළිබඳවද විශේෂ අවධානය යොමු කර පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බවද මේ සම්බන්ධව අදහස් දක්වමින් පරිසර අමාත්‍යාංශය පැවසීය.

මේ අතර, වත්තල දික්ඕවිට තල්දියවත්ත ප්‍රදේශයේදී වර්තමානයේ පවතින සක්‍රීය මෝසම් තත්ත්වය සහ මුහුදු රළෙහි ප්‍රබලතාව ඉහළ යාම හේතුවෙන් හානියට පත්ව ඇති නිවසක්ද පරිසර අමාත්‍යවරයා විසින් ඊයේ නිරීක්ෂණය කරන ලදී.

මුහුදු රළ ප්‍රබල වීමත් සමඟ මුහුදු ජලය ගොඩබිම දෙසට පැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ ජීවිත හා දේපළවලට ඇතිවිය හැකි අවදානම පිළිබඳව මෙහිදී අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.

වෙරළ ඛාදනය සහ මුහුදු රළ හේතුවෙන් ජනතාවගේ ජීවිත හා දේපළවලට සිදුවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික ඇගයීම් සිදුකර, කඩිනම් සහ දිගුකාලීන විසඳුම් හඳුනාගැනීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ අනුව, අදාළ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් මෙම ප්‍රදේශයේ වෙරළ ඛාදන තත්ත්වය පිළිබඳව අවශ්‍ය තාක්ෂණික අධ්‍යයන සිදුකර, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

ජනතාවගේ ආරක්ෂාව, වෙරළ පරිසර පද්ධතියේ සංරක්ෂණය සහ නීත්‍යානුකූල වෙරළ කළමනාකරණය තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් වන අතර, වෙරළ කලාපය ආශ්‍රිත සියලුම සංවර්ධන හා සංරක්ෂණ කටයුතු අදාළ නීති, රෙගුලාසි සහ තාක්ෂණික නිර්දේශයන්ට අනුකූලව සිදුකිරීමට අවශ්‍ය පියවර ඉදිරියේදීද ගනු ඇති බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නිදි යහනේදීම අත්බෝම්බයට බිලිවූ අයියයි මල්ලියි - "ඇයි මෙහෙම කරන්නේ...සල්ලිවලටද?" | Ada Derana

නිදි යහනේදීම අත්බෝම්බයට බිලිවූ අයියයි මල්ලියි - "ඇයි මෙහෙම කරන්නේ...සල්ලිවලටද?" | Ada Derana

අණ නොතකා වාහන හප්ප හප්පා ගිය වෑන් රිය - "බස් එකෙත් හැප්පුවා, ජීප් එක හරස් කරා...අයිනෙන් යන්න හැදුවා"

අණ නොතකා වාහන හප්ප හප්පා ගිය වෑන් රිය - "බස් එකෙත් හැප්පුවා, ජීප් එක හරස් කරා...අයිනෙන් යන්න හැදුවා"

ආබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතක නොකළ අගමැතිනිය - 16,000කට නේවාසිකාගාර - මසකට රු. 5,000ක දීමනාවක්

ආබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතක නොකළ අගමැතිනිය - 16,000කට නේවාසිකාගාර - මසකට රු. 5,000ක දීමනාවක්

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් කපිලවස්තු පුරයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් කපිලවස්තු පුරයට | Ada Derana

කිරුළ රැකගන්න‍ චමරිගේ සූදානම - ''අපිට ආයෙත් පුළුවන් ආසියානු ශූරියන් වෙන්න'' | Ada Derana

කිරුළ රැකගන්න‍ චමරිගේ සූදානම - ''අපිට ආයෙත් පුළුවන් ආසියානු ශූරියන් වෙන්න'' | Ada Derana

ලෝකයම බලාසිටින 'BRICS' සමුළුව - 'නවදිල්ලි ප්‍රකාශය' ලෙසින් ඒකාබද්ධ ප්‍රකාශයක් | Ada Derana

ලෝකයම බලාසිටින 'BRICS' සමුළුව - 'නවදිල්ලි ප්‍රකාශය' ලෙසින් ඒකාබද්ධ ප්‍රකාශයක් | Ada Derana

AI නිසා මානව සංහතිය අවදානමේ? - ඕනෑම විද්‍යුත් උපකරණයක් හැක්කරන සුපිරි තාක්ෂණයක් | Ada Derana

AI නිසා මානව සංහතිය අවදානමේ? - ඕනෑම විද්‍යුත් උපකරණයක් හැක්කරන සුපිරි තාක්ෂණයක් | Ada Derana

22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

 දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කිරීමට සැරසෙන වැඩවර්ජනයට පළමුවරට දුම්රිය මගී සංගම්වලත් සහය

දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කිරීමට සැරසෙන වැඩවර්ජනයට පළමුවරට දුම්රිය මගී සංගම්වලත් සහය

 ක්ෂණික තීරණයකින් ජීවිත රැසක් බේරාගත් ලංගම රියදුරා..."ඉස්සරහා රෝදේ ගැලවිලා මගේ මුණට ආවේ..."

ක්ෂණික තීරණයකින් ජීවිත රැසක් බේරාගත් ලංගම රියදුරා..."ඉස්සරහා රෝදේ ගැලවිලා මගේ මුණට ආවේ..."

 20 හැවිරිදි තරුණයා රෝහලට යැවූ බිහිසුණු අනතුර - බයික් එක උඩින් යන හැටි CCTV කැමරාවේ...

20 හැවිරිදි තරුණයා රෝහලට යැවූ බිහිසුණු අනතුර - බයික් එක උඩින් යන හැටි CCTV කැමරාවේ...

 දිට්වා විනාශකළ කඩිගමුව පාලමේ අද තත්ත්වය...පරීක්ෂණ දුම්රියක් බලන දක්වා යයි

දිට්වා විනාශකළ කඩිගමුව පාලමේ අද තත්ත්වය...පරීක්ෂණ දුම්රියක් බලන දක්වා යයි

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

 පොළොන්නරුවේ ගොවි රැලියට ජනපති අනුර එක්වෙයි

පොළොන්නරුවේ ගොවි රැලියට ජනපති අනුර එක්වෙයි

පොහොට්ටුවේ අනුරපුර රැලියට හිටපු ජනපති මහින්දත් එක්වෙයි

පොහොට්ටුවේ අනුරපුර රැලියට හිටපු ජනපති මහින්දත් එක්වෙයි

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය - මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට