header logo
Vallibel FD
Valible Le
විශේෂාංග
පැය 24ක සංචාරයට දැවැන්ත ආරක්ෂාවක් - නිලධාරීන් පමණක් 15,000ක්
පැය 24ක සංචාරයට දැවැන්ත ආරක්ෂාවක් - නිලධාරීන් පමණක් 15,000ක්
Mobitel 1278

බ්‍රික්ස් (BRICS) සමුළුවට සහභාගී වීම සඳහා එක් දින සංචාරයක් සඳහා ඉන්දීය අගනුවර වෙත පැමිණි චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරක්ෂාව සඳහා දැඩි ආරක්ෂක විධිවිධාන යොදවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

වසර හතකට පසු ඔහු ඉන්දියාවේ සිදු කරන මෙම පළමු සංචාරය වෙනුවෙන් නවදිල්ලිය පුරා ආරක්ෂාව අතිශයින් දැඩි කර ඇති බව සඳහන් වේ.

චීන ජනාධිපතිවරයා නවාතැන් ගන්නා නවදිල්ලියේ 'ටාජ් පැලස්' (Taj Palace) හෝටලය සම්පූර්ණයෙන්ම 'ගුවන් තහනම් කලාපයක්' (No-fly zone) ලෙස නම් කර ඇති අතර, දැනට එහි සියලුම කාමර වෙන් වී අවසන්ය.

ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රස්ත මර්දන සහ බෝම්බෝ හඳුනාගැනීමේ කණ්ඩායම් යොදවා ඇති අතර, හෝටලයේ පුළුල් ආරක්ෂක පරීක්ෂාවන් සිදු කෙරේ.

මෙම පරීක්ෂාවන්ට පරමාණුක, විකිරණ සහ ජෛව රසායනික තර්ජන හඳුනාගැනීමේ විශේෂ ක්‍රමවේද ද ඇතුළත් වන අතර, පරිශ්‍රය අවට භූගත නල මාර්ග සහ යටිතල පහසුකම් ද දැඩි පරීක්ෂාවට ලක් කර ඇත.

සංචාරයට දින 10කට පමණ පෙර චීනය විසින් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මඟින් ජනාධිපතිවරයාගේ 'හොංචි' (Hongqi) රාජ්‍ය ලිමොසින් රථය, අමතර වාහනයක් සහ සන්නිවේදන උපකරණ ඉන්දියාවට එවා තිබුණි.

කෙසේ වෙතත්, විදේශීය ආරක්ෂක කණ්ඩායම් රැගෙන ආ ඇතැම් උපකරණ ඉන්දීය රෙගුලාසිවලට යටත් වන අතර, චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ සඳහා අවසර ලබා දී නොමැත.

ආනයනය කළ නොහැකි යැයි සැලකෙන ඇතැම් ආයුධ සහ ආරක්ෂක උපකරණ ගුවන්තොටුපළට පැමිණීමේදී රේගුව වෙත භාරදී ඇත.

චීන ජනාධිපතිවරයා ඉන්දියාව වෙත පැමිණ ඇත්තේ එයාර් චයිනා (Air China) සමාගම මෙහෙයවන, ජංගම විධාන මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියා කරන විශේෂිත 'බෝයිං 747-8' වර්ගයේ අතිසුඛෝපභෝගී සහ ඉහළ ආරක්ෂිත ගුවන් යානයකිනි. සංකේතනය කළ චන්ද්‍රිකා සන්නිවේදන පහසුකම්, තර්ජන හඳුනාගැනීමේ පද්ධති, මිසයිල නාශක ප්‍රතිප්‍රහාර පද්ධති සහ විද්‍යුත් චුම්භක නාශක (EMP) ආවරණවලින් මෙම යානය සමන්විත වේ.

දිල්හි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් නිලධාරීන් 15,000කට අධික සංඛ්‍යාවක් සහ අර්ධ ස්වාධීන බලකා සමාගම් 200ක් යොදවා තිබේ. නගරය පුරා මාර්ග බාධක යොදා වාහන දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන අතර තාක්ෂණික නිරීක්ෂණ උපකරණ ද භාවිතයට ගෙන ඇති බව සඳහන් වේ.

ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ ශාන්ති පථය අතර මාර්ගය දිගට සීසීටීවී (CCTV) කැමරා 700කට අධික සංඛ්‍යාවක් සහ පාලන මැදිරි පහක් පිහිටුවා ඇත.

මීට අමතරව, කැමරා 500ක පමණ දර්ශන නිරීක්ෂණය කළ හැකි විශේෂිත පාලන මැදිරියක් තුග්ලක් රෝඩ් (Tughlak Road) පොලිස් ස්ථානයේ ස්ථාපිත කර ඇති අතර, ගමනාගමන කළමනාකරණය සඳහා අමතර නිරීක්ෂණ කැමරා ද යොදවා තිබේ.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?