
පෞද්ගලික දිගුදුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා වූ ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා ( Doctor Rosh Jalagge ) ,සිය ජෙට් යානයෙන් රත්මලාන ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති රොෂ් ජලග්ගේ මහතා,මේ වනවිට ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාර රැසක හිමිකාරත්වය දරන ශ්‍රී ලාංකික බිලියනපතියෙකි.
ඔහු මෙරටට පැමිණි Gulf Stream G - V (ගල්ෆ් ස්ට්‍රීම් ජී - වී ) ගුවන් යානයට කිලෝ මීටර් 12,000ක දුරක් පියාසර කළ හැකිය.
මෙරට පළමු පෞද්ගලික ගුවන් යානය වූ ,1980 දශකයේ දී උපාලි විජේවර්ධන මහතා විසින් මිළදී ගෙන තිබූ ලියර් ජෙට් 35 ඒ ( Lear Jer 35 A ) ගුවන් යානයට පියාසර කළ හැකි වූයේ කිලෝ මීටර් 4,000ක් පමණි.



















































