
ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් විය.
මීටර් 91.09ක දුරක් වාර්තා කරමිනි.
මෙම ජයග්‍රහණයත් සමඟ ඔහු ලෝක මලල ක්‍රීඩා පිටියේ තවත් සුවිශේෂී කඩයිමක් පසු කිරීමට සමත් වූ අතර, ඔහුගේ මෙම දක්ෂතාවය ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු තවත් අපූරු ජයග්‍රහණයක් ලෙස සටහන් වේ.



















































