සයුරෙන් එතෙර
ට්‍රම්ප් දැඩි තීරණයක් මෘදු කරයි
March 8, 2025 09:43 am
මෙක්සිකෝ සහ කැනේඩියානු ආනයන මත පැනවූ බදු සංශෝධනයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.
ඒ අනුව උතුරු අමෙරිකානු වෙළෙඳ ගිවිසුමට අයත්වන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම තවත් මාසයකට අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
චීනය හැරුණු විට අමෙරිකාවේ ප්‍රධානතම වෙළෙඳ ගනුදෙනුකරුවන් වන්නේ කැනඩාව සහ මෙක්සිකෝව ය.
කෙසේ වුවද සිය දෙවන ධුර කාලය අරඹමින් කැනේඩියානු සහ මෙක්සිකෝ ආනයන මත බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේය.
එම බදු පැනවීම පසුගිය දා බලාත්මක වුවත් එය සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා විය.
ඒ අනුව අප්‍රේල් 2 වනදා තෙක් කැනඩාව සහ මෙක්සිකෝව
අමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ බොහොමයකට තීරු බදු බලපැවැත් නොවෙයි.
මෙම තීරුබදු සහනය පළමුව මෙක්සිකෝවට ලබාදෙන බවට ට්‍රම්ප් ප්‍රකාශ කළත් ඊට අදාළ විධායක නියෝගයට කැනඩාව ද අයත් බව වාර්තා වෙයි.
ඊට ප්‍රතිචාර වශයෙන් කැනේඩියානු ඩොලර් බිලියන 125ක් වටිනා අමෙරිකානු අපනයන සඳහා පැනවීමට සැලසුම්කර තිබූ තීරුබදු පමා කරන බව කැනඩා මුදල් අමාත්‍යවරයා පවසා තිබේ.
එමෙන්ම ට්‍රම්ප් පරිපාලනය පවසන්නේ බදු සහන කාලය තුළ අමෙරිකාවට මත්ද්‍රව්‍ය ගලා ඒම පාලනයේදී කැනඩාව සහ මෙක්සිකෝව සැලකිය යුතු ප්‍රගතියක් අත් කරගනු ඇති බවය.
කෙසේ වුවද අප්‍රේල් දෙවැනිදා සිට තීරුබදු පැනවීම නිසැකයෙන්ම
බලාත්මක වන්නේ ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත නොමැත.