අමෙරිකාවේ රහස් සේවයට ගිය පුංචි DJ
සයුරෙන් එතෙර

අමෙරිකාවේ රහස් සේවයට ගිය පුංචි DJ

March 5, 2025   11:27 am

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියමයෙන් 13 හැවිරිදි පිරිමි ළමයෙකු අමෙරිකාවේ එක්සත් ජනපද රහස් සේවයේ නියෝජිතයෙකු ලෙස බඳවා ගෙන තිබේ.

ඔහු නමින් DJ ය. මීට වසර 06කට පෙර පුංචි DJට මොළය ආශ්‍රිත පිළිකා රෝගී තත්ත්වයක් වැලඳී තිබුණි.

කෙසේ වෙතත් එම රෝග තත්ත්වය මේවන විට සුව වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

පුංචි DJ අමෙරිකානු ආරක්ෂක සේවයට බැඳීමට දැඩි ආශාවකින් සිට තිබුණි.

එය අගයකිරීමක් ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක්සත් ජනපද රහස් සේවයේ නියෝජිතයෙකු ලෙස DJ ව බඳවා ගෙන තිබේ.