තරුණ සේවා සභාපතිත් ඉල්ලා අස්වෙයි

තරුණ සේවා සභාපතිත් ඉල්ලා අස්වෙයි

January 31, 2025   05:34 pm

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති චින්තක ධර්ශන හේවාපතිරණ මහතා එම තනතුරෙන් ඉවත් ව තිබේ.

ඔහු ජාතික තරුණ සේවා සභාවේ 32වන සභාපතිවරයාද වේ.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 4 වැනිදා ඒ මහතා එම ධුරයට පත්විය. 

ධර්ශන හේවාපතිරණ මහතා වත්මන් රජය බලයට පත් වීමෙන් පසු සභාපති ධූරයකින් ඉවත් වූ සිව්වැනි පුද්ගලයා ද වේ.