හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශනගේ නඩුවට අදාළව අත්අඩංගුවට ගත් අයෙකුට ඇප
January 31, 2025 05:14 pm
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන්ට අදාළ නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු කළමණාකාර අධ්‍යක්ෂ සුසන්ත සිල්වා මහතා ඇප මත නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
2014 වසරේ බිංගිරිය හා පන්නල ප්‍රදේශවලට ගංවතුරවිල් පීඩාවට පත් වූවන්ට ආධාර ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 6.1 අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා ඇතුළු මෙම පිරිසට මෙම නඩුව ගොනු වී තිබුණි.
සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ සැකකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය.
එමෙන්ම සිද්ධියට අදාළ පැමිණිල්ල නැවත මැයි මස 06 වැනිදා කැඳවීමටද අධිකරණය නියම කළේය.