කොළඹ උද්ධමනයේ දැවැන්ත පහළ යාමක්
January 31, 2025 04:44 pm
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනයේ දැවැන්ත පහළ යාමක් 2025 ජනවාරි මාසයේ දී වාර්තා වී තිබේ.
ශ්රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව මෙලෙස අඛණ්ඩව පස්වන මාසයටත් උද්ධමනයේ ඍණ අගයක් වාර්තා කර ඇත.
ඒ අනුව 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 1.7ක අවධමනයට සාපේක්ෂව 2025 ජනවාරි මාසයේ දී සියයට 4.0ක අවධමනයක් දක්වා දැවැන්ත පහළ යාමක් වාර්තා කර තිබේ.
මේ අතර වාර්ෂික ලක්ෂ්යමය පදනම මත ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 0.8 මට්ටමේ සිට 2025 ජනවාරි මාසයේ දී සියයට 2.6ක අවධමනයක් දක්වා පහළ ගොස් ඇත.
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද 2024 දෙසැම්බර් මාසයේ පැවති සියයට 3.0ක අවධමනයට සාපේක්ෂව 2025 ජනවාරි මාසයේ දී 4.7ක අවධමනයක් දක්වා පහළ ගොස් තිබේ.