
චීනයේ වෙරළට ආසන්නව පිහිටා ඇති මැට්සු දූපත් වෙත මුහුද යටින් දිවෙන අන්තර්ජාල රැහැන් පද්ධතිය විසන්ධි වී ඇති බව තායිවානයේ ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසා තිබේ.
ඒ අනුව back-up සන්නිවේදන පද්ධතිය සක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.
තායිවාන පුවත් මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටස් පුවත් සේවය වාර්තා කළේ Matsu, ප්‍රධාන තායිවාන දූපත හා සම්බන්ධ කරන රැහැන් දෙකෙන් එකක් සම්පූර්ණයෙන්ම විසන්ධි වී ඇති අතර අනෙක් රැහැනට බරපතළ ලෙස හානි සිදුවී ඇති බවය.
මුහුද යටින් දිවෙන රැහැන්වලට බාධා කිරීම් තායිවානයට භයානක ගැටලුවක් වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
















































