header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ඉන්දියාවේ සුඛෝපභෝගී සිහිනය සැබෑ වෙයි
Jan 10, 202508:01 PM
ඉන්දියාවේ සුඛෝපභෝගී සිහිනය සැබෑ වෙයි
Mobitel 1278

ජර්මනියේ මර්සිඩීස් - බෙන්ස් සැලකෙන්නේ සුඛෝපභෝගී මෝටර් රථ සන්නාමයක් ලෙසය.

එමඟින් බොහෝවිට ඉලක්ක කරගන්නේ ඉහළ ආදායම් සහිත ජනකොටස් වෙසෙන වෙළෙඳපොළය.

මේ සියවස ආරම්භයේදී නිදහස් ආර්ථිකයකට පිවිසෙනතුරු දේශීය මෝටර් රථ සන්නාමයන්ට සීමා වූ ඉන්දියාව මේ වනවිට එවැනි සුඛෝපභෝගී මෝටර් රථ සන්නාම සඳහා වෙළෙඳපොළක් බවට පත්වී ඇති බව ඇතැම්විට විශ්වාස කිරීමට අපහසු කරුණක් වේවි.

එහෙත් පසුගිය 2024 වසරේ මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ අලෙවිය වාර්තාගත ලෙස ඉහළ ගිය ඉන්දියාවේ තවත් නියෝජිත සේවා අලෙවිසල් 20ක් 2025 වසර තුළ විවෘත කිරීමට ජර්මානු සමාගම තීරණය කර ඇති බව රොයිටර්ස් ප්‍රවෘත්ති සේවාව වාර්තා කළේය.

නවදිල්ලිය සහ මුම්බායි නුවර ප්‍රධානකොට මර්සිඩීස් බෙන්ස් අලෙවිසැල් 125ක් දැනටමත් ක්‍රියාත්මක වේ.

නව අලෙවිසැල් ප්‍රධාන නගරවලින් පිටත ඉන්දියාව පුරා වෙනත් ප්‍රදේශවල විවෘත කිරීමට මර්සිඩීස් බෙන්ස් සැලසුම් කරයි.

මධ්‍යම ඉන්දියාවේ පිහිටි කාන්පූර්, නැගෙනහිර ඉන්දියාවේ පිහිටි පට්නා ඒ සඳහා තෝරාගෙන ඇත.

විශාල ජනගහණයකින් සමන්විත නොවූවත් මෙම නගරවල ඉහළ අන්තයේ මෝටර් රථ සහ සුඛෝපභෝගී භාණ්ඩ සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බව රොයිටර්ස් සඳහන් කළේය.

පසුගිය 2024 වසරේ මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ 19,500ක් ඉන්දියාවේ අලෙවි වී තිබෙන්නේ පෙර වසරට සාපේක්ෂව 12%ක වර්ධනයක් සටහන් කරමිනි.

තවත් සුඛෝපභෝගී මෝටර් රථ සන්නාමයක් වන BMW මෝටර් රථ 16,000ක් පමණ පසුගිය වසරේ ඉන්දියාවේ අලෙවි වී තිබේ.

ඉන්දියාවේ වසරකට අලෙවි වන මිලියන 4ක් පමණ මෝටර් රථ සංඛ්‍යාව සැලකූවිට සුඛෝපභෝගී මෝටර් රථ ප්‍රතිශතය 1%ක් පමණ වුවත් එය අනෙකුත් වෙළෙඳපොළට වඩා ශීඝ්‍රයෙන් වර්ධනය වන බව රොයිටර්ස් විශ්ලේෂකයා සඳහන් කළේය.

ඉන්දියාවේ ශීඝ්‍ර ආර්ථික වර්ධනය සමග බිහි වී ඇති නව මධ්‍යම පන්තියේ නව පරම්පරාව මේ විදියට සුඛෝපභෝගී සන්නාමයන්ට නැඹුරුවක් දක්වන බව වාර්තා වේ.

සිය දෙමාපියන්ගෙන් ව්‍යාපාර හිමිකාරත්වය ලැබූ නව පරම්පරාව මෙන්ම විදේශයන් හි නිරන්තරයෙන් සංචාරය කරන නව මධ්‍යම පන්තියේ ආකල්ප වෙනස්වීම ද මීට බලපා තිබේ.

ඔවුන් අල්පේච්ඡ ජීවිතයට හුරු වී ඉතිරි කිරීමට මුල්තැන දුන් සිය පැරණි පරම්පරාව මෙන් නොව, සුඛෝපභෝගී දිවි පෙවෙතකට පිවිසීමට වැඩි නැඹුරුවක් දැක්වීම මීට හේතුවයි.

ඉන්දියාවේ දී මේ විදිහට අලෙවි වර්ධනයක් වාර්තා කළත් 2024 වසරේ මර්සිඩීස් බෙන්ස් ගෝලීය මෝටර් රථ අලෙවිය 2023 වසරට සාපේක්ෂව සියයට 3කින් පමණ පහත වැටී තිබේ.

2024 වසරේ දී ලොව පුරා අලෙවි වූ මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ සංඛ්‍යාව දහනව ලක්ෂ අසූතුන් දහස් හාරසියය ක්.

අලෙවියේ එම පහත වැටීමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන්නේ චීනයේ මර්සිඩීස් මෝටර් රථ අලෙවිය සියයට 70කින් සහ යුරෝපයේ අලෙවිය සියයට 3කින් අඩුවීමයි.

2024 වසරේ දී මර්සිඩීස් බෙන්ස් විද්‍යූත් මොටර් රථ අලෙවිය ද එක්ලක්ෂ අසූ පන්දහස් එකසියය දක්වා 2023 වසරට සාපේක්ෂව සියයට 23කින් පහත වැටී තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana