මහරගම බිහිසුණු රිය අනතුරකින් අයෙක් මරුට

මහරගම බිහිසුණු රිය අනතුරකින් අයෙක් මරුට

November 30, 2024   05:01 pm

මහරගම පමුණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ පිළියන්ද ප්‍රදේශයේ පදිංචි සුපුන් සුලෝකන අකලංක නැමැති 30 හැවිරිදි අයෙකි.

ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයේ නිරතව සිටි කළමණාකරණ සහකාරකවරයෙකු බවද පොලීසිය පවසයි.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර නව රෝහල දෙස සිට යතුරු පැදියෙන් පමුණුව දෙසට එමින් සිටියදී නව රෝහල දෙසට ධාවනය වූ සුඛෝපභෝගී ජීප් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මෝටර් රථ දෙකක, ත්‍රීරෝද රථයක සහ යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබුණි.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

සිද්ධය සම්බන්ධව මහරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම් මාර්ගයේ වලහන්දූව ජනාධිපති බාලිකා විද්‍යාලය අසල මාර්ගයේ අද (30) සවස සිදුවූ අනතුරකින් මවක් සහ දියණියක් තුවාල ලබා තිබේ.

ඒ, නවතා තිබූ මෝටර් රථයක තවත් මෝටර් රථයක් ගැටීමෙනි.

තුවාල ලැබූවන් ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

නවතා තිබූ මෝටර් රථයේ පුද්ගලයන් 4 දෙනෙකු සිට ඇති අතර පිටුපස අසුනේ සිටි කාන්තාව සහ ඇයගේ දියණිය මෙලෙස තුවාල ලබා තිබුණි.

අනතුරත් සමග නවතා තිබූ මෝටර් රථය අසල පිහිටි ගලක වැදී ඇත.