
යාපනය, පේදුරුතුඩුව, කට්කෝවලම් ප්‍රදේශයේ නිවසක තිබි ඝාතනය කළ අඹුසැමි යුවළකයේ මළ සිරුරු සොයාගෙන තිබේ.
අදාළ පුද්ගලයින් දෙදෙනාගේ හිසට පහර දී මෙම ඝාතන සිදුකර ඇති බවට මුලිකව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පේදුරුතුඩුව පොලීසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙකු සහ 54 හැවිරිදි ඔහුගේ බිරිඳ යි.
මියගිය යුවළ 29 වනදා ඥාති නිවසක පැවති අවමංගල්‍යය නිවසකට ගොස් නැවත සවස් කාලයේ දී නිවසට පැමිණ ඇති අතර, දියණිය අවමංගල්‍ය නිවසට ගොස් නැවත නිවසට පැමිණ තිබුණේ නැත.
සිමෙන්ති ගඩොලකින් පහර දී අදාළ ඝාතනය සිදුව තිබූ බව විමර්ශනවලදී අනාවරණය වුණි.
මියගිය පිරිමි පුද්ගලයා පේදුරුතුඩුව රෝහලට අනුබද්ධව තාවකාලික වෘත්තියක යෙදී සිටි අයෙකු බව සඳහන් ය.
කෙසේවෙතත් මරණයන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පේදුරුතුඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.





















































