
අද (02) දින සිට යලිත් උඩරට මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය ගම්පොල දක්වා දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා මේ බව පැවසීය.
දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙලෙස උඩරට මාර්ගයේ මෙම කොටසේ දුම්රිය ධාවනය සිදුවන්නේ මාස 10කට පමන පසු බවය අසංක සමරසිංහ මහතා පැවසුවේ.
















































