
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී තිබේ.
බ්‍රික්ස් ජාතික ආරක්ෂක උපදේශකවරුන්ගේ රැස්වීමට සමගාමීව ඊයේ (12) දින මෙම හමුව සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් එක්ස් සමාජ මාධ්‍යයේ පණිවුඩයක් තබමින් මෙම හමුව තහවුරු කර තිබුණි.
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් රුසියානු සංචාරයේ නිරත වනුයේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ යුක්‍රේන සංචාරයෙන් සති දෙකහමාරකට පසුව වීම ද විශේෂත්වයකි.
රුසියානු - යුක්‍රේන ගැටුම සමථයකට පත් කිරීම අජිත් දොවාල්ගේ රුසියානු සංචාරයේ අරමුණ වනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.



















































