ඝාතන සැකකරු පොලීසියට භාරවෙයි

ඝාතන සැකකරු පොලීසියට භාරවෙයි

August 1, 2024   04:04 pm

හබරාදුව දිවෙල්වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කළ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ එම සැකකරු හබරාදුව පොලිස් ස්ථානයට පැමිණ භාරවීමෙන් අනතුරුව  අත්අඩංගුවට ගත් බවයි.

ඝාතනයට ලක් වූයේ 54 හැවිරිදි දිවෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු හා ඝාතනයට ලක් වූ පුද්ගලයා අතර කලක සිට පැවති පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බව අනාවරණය වී ඇති අතර හබරාදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.