ශ්‍රී ලංකා ජාතික කියුබින් තරගාවලියේ වාර්තා රැසක්
June 11, 2024 01:14 pm
Sri Lankan Nationals 2024 - Cubing ජාතික ශූරතා තරගාවලිය පසුගිය දා බියගම දී පැවැත්වුණි.
දිවයින පුරා සිටින තරගකරුවන් 150කගේ සහභාගීත්වයෙන් ජූනි 6,7,8 යන දිනවල බියගම පී.ටී ගාඩ්න්ස් හෝටල් පරිශ්‍රයේ පැවති මෙම තරගාවලියේ දී රූබික් ක්‍රීඩාවේ පැවති ශ්‍රී ලංකා වාර්තා 16ක්, තරගකරුවන් 7 දෙනෙකු විසින් බිඳ හෙළනු ලැබීය.
ලෝකයේ ජනප්‍රිය ප්‍රහේලිකාවක් වන Rubik's Cube ඇසුරෙන් ගොඩනැගුණු මෙම ක්‍රීඩාව මේ වනවිට බොහෝ රටවල ප්‍රචලිත වී තිබේ.
World Cube Association ශ්‍රී ලංකා නියෝජිත සහ Lanka Cubers Association හි සභාපති කළිඳු සචින්ත විජේසුන්දර මහතා සඳහන් කර සිටියේ, 2022 අප්‍රේල් 22 වන දින ශ්‍රී ලංකාවට මුලින්ම Speed Cubing ක්‍රීඩාව හඳුන්වා දුන් බවය.
තරග ඉසව් 17ක් යටතේ තරගාවලිය සංවිධානය කර තිබූ බව ද ඒ මහතා පැවසීය.
මෙම තරගාවලිය විවෘත තරගාවලියක් වන බැවින් විදෙස් ජාතිකයින් පවා එයට සහභාගී වී තිබේ.
Speed Cubing ක්‍රීඩාව ඕනෑම අයෙකුගේ මනස වර්ධනය කරන, මානසික ඒකාග්‍රතාවය හා ඇඟිලිවල ක්‍රියාකාරීත්වය ආදිය වැඩි දියුණු කරනු ලබන ක්‍රීඩාවක් වීම විශේෂත්වයකි.
එනිසා පාසල් දරුවන් වැඩි වශයෙන් මෙම ක්‍රීඩාවට නැඹුරුවීම තුළින් දුරකථනවලට ඇබ්බැහි වීම අවම කරගත වන බව ද නොරහසකි.