විදෙස් කාන්තාවක් මියගිය සිද්ධියට අදාළ ලැඟුම්හල තාවකාලිව වසා දැමීමට නියෝග

විදෙස් කාන්තාවක් මියගිය සිද්ධියට අදාළ ලැඟුම්හල තාවකාලිව වසා දැමීමට නියෝග

February 3, 2025   03:47 pm

කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ නවාතැන්පලක විදෙස් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් කොල්ලුපිටිය පොලීසිය මගින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද (02) ඉදිරිපත් කර තිබේ.

ඊට අදාළ ඉදිරි පරීක්ෂන සිදුකර රැඳී සිටීමේ යෝග්‍යතාවය වාර්තා කිරීමක් සිදු කරනතෙක් අදාළ නවාතැන්පළ තාවකාලිකව වසා දැමීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

පසුගියදා අදාළ නවාතැන්පොළෙහි රැඳි සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් සහ ජර්මන් ජාතික යුවළකට හදිසියේ ඇති වූ වමනය යෑමේ තත්ත්වයක් මත රෝහල් ගත කිරීමට පියවර ගනු ලැබීය.

එහිදී 24 හැවිරිදි මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ජීවිතක්ෂයට පත්විය.

මෙම සිද්ධියට ආහාර විශවීමක් හේතු වූවාද නැතහොත් ඝාතනයක්ද යන්න ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා තවත් ප්‍රකාශයන් සටහන් කිරීමටද නියමිතව තිබේ.

ඒ සඳහා මරණකාරියගේ ඥාතීන් ගේන්වා මෘත ශරීරය හඳුනාගැනීමේ අනතුරු පශ්චාත් මරණ පරීක්ෂනය සිදු කිරීමට ද නියමිතව තිබේ.