සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටළු අවම කිරීමට කමිටුවක්
February 3, 2025 05:45 pm
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදි මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටළු අවම කොට අවශ්‍ය තිරසාර විසඳුම් ලබා දීම සඳහා කමිටුවක් පත් කිරීමට ක්‍රියාමාර්ග ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සඳහා මාර්ගෝපදේශ සැපයීම ඉලක්ක කරගනිමින් මෙම උපදේශක කමිටුව පිහිටුවීමට අපේක්ෂා කර තිබේ.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ සංවර්ධනය සඳහා විවිධ ආයතන යටතේ ක්‍රියාත්මක වන සියළු පාර්ශ්වකරුවන් එක් කණ්ඩායමක් ලෙස සම්බන්ධීකරණය කරමින් එකී අංශය විදිමත් ලෙස දියුණු කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වය ඇතුව මෙම උපදේශක සභාව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතේ මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම කමිටුව සඳහා විවිධ විශය පඨයන් ඔස්සේ දායකත්වය දක්වන රාජ්‍ය ආයතවල සාමාජිකයින් හත් දෙනෙකුගෙන් ද අදාළ විශය සම්බන්ධ විශේෂඥයින් හත් දෙනෙකුගෙන්ද සමන්විත විමට වීමට නියමිතය.
ඒ අනුව කමිටු සාමාජිකයින් පහත පරිදි වේ.
මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නියෝජනය කරමින් සාමාජිකයින් තුන් දෙනෙකු, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ එක් සාමාජිකයෙකු, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ එක් සාමාජිකයෙකු, ශ්‍රී ලංකා මහ බැංකුවේ සාමාජිකයින් දෙදෙනෙකු, කමිටුව සඳහා අදාළ විෂයෙහි ප්‍රවීණ විශේෂඥයින් හත් දෙනෙකුද ඇතුළත් කිරීමට නියමිතය.
එමෙන්ම බලපත්‍රලාබී බැංකුවකින් ණය ලබාගෙන පසුගිය 2019 වසරේ අප්‍රේල් මස 01 දිනෙන් පසු අදියර 3 යටතේ ණය කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන පැකේජයක් හඳුන්වා දී ඇති අතර ඒ අනුව පහත පියවරයන් ගෙන තිබේ.
01. පරාටේ නීතිය ක්‍රියාත්මක වීම විධිමත් ක්‍රමවේදයක් යටතේ කල් දැමීම.
02. ණය ප්‍රතිව්‍යුහගත සැලැස්ම සඳහා ඇතුලත්වන ණය ගැනුම්කරුවන් සඳහා රු. මි.25 ට අඩු ණය සඳහා මාස 12ක්, රු.මි. 25 සහ රු.මි. 50 අතර ණය සඳහා මාස 09ක් සහ රු.මි. 50ට වැඩි ණය සඳහා මාස 06ක් වශයෙන් සහන කාලයක් ලබා දීම.
03. රු.මි. 5ට වැඩි සහ රු.මි. 25 දක්වා ණය ගැණුම්කරුවන්ගේ නොගෙවූ පොලිය ණය පියවන කාල සීමාව සලකා බලා කපා හැරීමට පියවර ගැනීම.
04. මුල් ණය ගිවිසුමට අනුව වසර 10කට වඩා දිගු ගෙවීම් කාලයක් ලබා දී නොමැති නම් එක් එක් ණය ගැනුම්කරු වෙන් වෙන් වශයෙන් ඇගයීම් කර ණය ආපසු ගෙවීම සඳහා උපරිම වසර 10ක කාලයක් ලබා දීම.
05. දේපළ වෙන්දේසි කිරිමේදී එම දේපළ තක්සේරු කිරීම පිළිබඳව බැංකුව සහ ණය ගැනුම්කරු අතර පැන නඟින ආරවුලකදී දුක්ගැනවිලි හැසිරවීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සහ එමඟින් ණය ගැනුම්කරුගේ දේපළ හැකි ඉහළම මිලට වෙන්දේසි කිරීම සහතික කිරීම, යන කාර්යයන් ක්‍රියාවට නංවා ඇති අතර එහි ප්‍රගතිය සමාලෝචනයද මේ තුළින් අපේක්ෂා කෙරේ.
06. සුදුසුකම් ලබන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා ව්‍යාපාර පුනර්ජීවන සැලැස්මක් ඉදිරිපත් කිරීමට යටත්ව කාරක ප්‍රාග්ධන ණය මුදලක් ලබා දීම.
07. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට බැංකු පද්ධතිය හරහා සහන බැංකු ඒකකය ක්‍රියාත්මක කිරීම.