ක්‍රිකට් පන්දුව වැදුණු දරුවෙකුට අත්වූ ඉරණම
May 6, 2024 09:16 pm
ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි කුඩා දරුවෙකුගේ රහස් ප්‍රදේශයේ පන්දුව වැදීමෙන් එම දරුවා එම ස්ථානයේදීම මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 11 හැවිරිදි වියේ පසුවූ Shaurya Khadwe නමැති කුඩා දරුවෙකි.
මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තාවන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ ප්‍රදේශයෙන් බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
එහිදී සිය මිතුරන් සමග ක්‍රීඩා කරමින් සිටි Shaurya Khadwe යොමුකළ පන්දුවකට පන්දුවට පහරදෙමින් සිටි මිතුරා එල්ලකළ පහර ඔහුගේ රහස් ප්‍රදේශයට වැදී ඇති බව එම වාර්තා සඳහන් කරයි.
මෙහිදී දරුවා එම ස්ථානයේ සිහිසුන්ව සිටි දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.
එම අවස්ථාව දැක්වෙන වීඩියෝ පටයක් ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.