header logo
Vallibel FD
Valible Le
විශේෂාංග
සමාජ මාධ්‍ය සහ සම්මත වූ ඔන්ලයින් පනත
Jan 27, 202409:55 AM
සමාජ මාධ්‍ය සහ සම්මත වූ ඔන්ලයින් පනත
Mobitel 1278

පනත් කෙටුම්පත් එක පිට එක පැමිණි කාලයක් උදා විය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පැමිණි දා සිට පෙරට එන පනත් කෙටුම්පත් පිළිබඳ සංවාදය සමාජයේ බරපතළ තිගැස්මක් ඇති කළේ ය.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත, දූෂණ විරෝධී පනත් කෙටුම්පත, මහබැංකු පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ආදිය, සමාජය තුළ ප්‍රමුඛ සංවාදයක් ඇති කළ පනත් කෙටුම්පත් ය. මෙම කෙටුම්පත් පාර්ලිමේන්තුවේ සභාගත කළ විගසම සමාජය තුළ බරපතළ කැලඹීම් ඇති විය.

විශේෂයෙන් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත (ATA) පිළිබඳ සාකච්ඡා කිරීමේ දී එය සමාජය තුළ දරුණු විවේචනයන්ට භාජනය වූ හැටි බව අපට සිහි කළ හැකි ය. නීතිඥ ප්‍රජාව, සමාජ ක්‍රියාකාරිකයන්, වෘත්තීය සමිති, විපක්ෂ දේශපාලන කණ්ඩායම්, බලපෑම් කණ්ඩායම්, විශ්වවිද්‍යාලය ශිෂ්‍යයන් හා සෙසු බොහෝ සමාජ කණ්ඩායම්, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි ව විවේචන එල්ල කරන්නට වූහ. කෙසේ වෙතත් එල්ල වූ ප්‍රබල විවේචනය හා විරෝධතා හමුවේ ත්‍රස්ත විරෝධී පනත ආපස්සට ගැනීමට අධිකරණ හා ව්‍යවස්ථා සම්පාදක අමාත්‍ය ආචාර්‍ය විජේදාස රාජපක්ෂට සිදු විය. සමාජය ඉල්ලා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වහා ඉරා දමන ලෙසයි. ඊට විරුද්ධ ව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, වෘත්තීය සමිති, මානව හිමිකම් සුරැකීමේ ආයතන හා වෙනත් පාර්ශ්ව වරින් වර සංවාදයන් ඇති කළේය.
විශේෂයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ දින සියයකටත් අධික කාලයක් සිරගත කිරීමේ සිද්ධියත් සමඟ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ සාකච්ඡාව තීව්‍ර විය. උක්ත පනත අවභාවිත කරමින් සමාජ ක්‍රියාකාරිකයන් මර්දනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවට විවිධ පාර්ශ්වයෝ චෝදනා එල්ල කළහ. වසන්ත මුදලිගේට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සිය තීන්දුව තුළ සඳහන් කර තිබුණු කරුණු ද ඒ මොහොතේ ආන්දෝලනයට තුඩ දුන් කාරණයක් බවට පත් විය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට වැටෙන කරුණක් වසන්ත මුදලිගේ හා සම්බන්ධ ව නොපවතින බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබිණි. කෙසේ වෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත වීම සහ ඊට උචිත, සාධනීය ප්‍රතිචාරයක් දෙනවා වෙනුවට ආණ්ඩුව සිදු කළේ, පැවති පනතටත් වඩා දරුණු ගණයේ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමකි. නව ත්‍රස්ත විරෝධී පනතට අනුව වෘත්තීය සමිතිවල ක්‍රියාවලිය පවා ත්‍රස්තවාදී ක්‍රියා ලෙස අර්ථකථනය කළ හැකි බවට එම පනත විවේචනය කළ බොහෝ පාර්ශ්ව සඳහන් කළේ ය.

මේ ආදී අමුතුම පන්නයේ පනත් රැගෙන එමින්, හකුලා ගනිමින්, සංශෝධන එකතු කරමින් හා කෙසේ හෝ ඒවා සම්මත කරගනිමින් ආණ්ඩුව අමුතුම වූ උත්සාහයක නිරත වෙමින් සිටියේ ය. මීට පෙර දූෂණ විරෝධී පනත කෙටුම්පත ද සම්මත කර ගත් ආණ්ඩුව ඉකුත් ජනවාරි 24 වනදා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ද වැඩි ඡන්දයෙන් සම්මත කර ගත්තේ ය. ඒ, අධිකරණයේ නීති විවරණ හා සංශෝධන සහිත ව ය. ඊට පක්ෂ ව ඡන්ද 108ක් සහ විරුද්ධ ව ඡන්ද 62ක් හිමි විය. ඒ අනුව පනත් කෙටුම්පත වැඩි ඡන්ද 46කින් සම්මත වී ශ්‍රී ලංකාව තුළ බලපැවැත්වෙන නීතියක් බවට පත් විය.

කෙටුම්පතට එල්ල වූ ප්‍රධානම විවේචන සහ ආණ්ඩුවේ පිළිතුරු

කෙටුම්පත් ඉදිරිපත් කරමින් ආණ්ඩුව ඉදිරිපත් කළ ප්‍රධානම තර්කයක් වූයේ, සමාජ මාධ්‍ය නිසි නියාමනයකට ලක් කළ යුතු බවත් වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය අයාලේ යමින් පවතින බවත් ය. කාන්තාවන්ට සහ ළමුන්ට සමාජ මාධ්‍ය තුළ ආරක්ෂණයක් නැති බවත් ආණ්ඩුව පැවසුවේ ය. පනත් කෙටුම්පතේ කාරක සභා විවාද අවස්ථාවේ දී පනත් කෙටුම්පතට පක්ෂ ව අදහස් දැක්වූ ආණ්ඩුවේ මහජන නියෝජිතයෝ, සිය හදවත් තුළ ඇති අනුපමේය ස්නේහය ප්‍රකට කළ හ. සමාජ මාධ්‍ය නිසි නියාමනයකට ලක් කිරීම යනු, කොන්දේසි විරහිත ව එකඟ විය යුතු පැහැදිලි කාරණයකි. නමුත් ආණ්ඩුව දැරූ උත්සාහයන් ගේ ඉතිහාසය සියුම් ව පරීක්ෂා කිරීමේ දී මෙවැනි පනත් කෙටුම්පත් ගෙන ඒමේ සත්‍ය චේතනාව කුමක් දැයි හඳුනාගැනීම සඳහා යම් යම් ඉඟි මතුකර ගත හැකි ය. උසස් පෙළ සිසුන්ට විභාගය හෙට කියා තිබිය දී අද විදුලිය ලබා නොදුන් ආණ්ඩුවකට දරුවන් කෙරෙහි හදිසියේ ම හට ගත් මෙම අරුම පුදුම අනුකම්පාව කුමක් විය හැකි ද?

සමාජ මාධ්‍ය යනු, මේ යුගයේ ලෝකය තුළ පවත්නා ප්‍රබලම බලපෑම් කණ්ඩායම්වලින් එකකි. රූපවාහිනිය, පුවත්පත ආදී මාධ්‍යන් අභිභවා අතිශය ප්‍රබල ලෙස සමාජ මාධ්‍ය පෙරට පැමිණ ඇත. ප්‍රවෘත්ති, විනෝදාස්වාදය, කාලීන වැදගත්කම්, විවේචන, විවාද, සංවාද ඈ ආදී අසීමාන්තික අවකාශයක් පුරා සමාජ මාධ්‍ය විසිරී ගොස් හමාර ය. සමාජ මාධ්‍යයේ බලපෑම දේශපාලනය කෙරෙහි සෘජුව ම හා තදින් ම බැඳී ඇති බව ද අමතක කළ නොහැක. එම බලපෑම ශ්‍රී ලංකාව කෙරෙහි ක්‍රියාකාරීවීම ඇරඹුණේ, 2015 පැවති මෛත්‍රී - මහින්ද ජනාධිපතිවරණ ඡන්ද සටන සමඟිනි. එම ඡන්ද සටන සඳහා ඉතා බරපතළ මැදිහත් වීමක් සමාජ මාධ්‍ය සිදු කළේ ය. ඉන් පසු සමාජය තුළ ඇති වන සෑම ක්‍රියාවකට ම සාපේක්ෂ ව සමාජ මාධ්‍ය කථිකාවක් නිරායාසයෙන් ම ඇරඹීම සාමාන්‍ය ක්‍රියාවක් බවට පත් විය. 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමේ ඡන්ද සටන සඳහා ද ඉතා ප්‍රමුඛ බලපෑමක් සිදු කළේ සමාජ මාධ්‍ය යි. ඉන් පසු ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉවත් කිරීමේ ඓතිහාසික අරගලය තුළ ද නිර්වචනය කළ නො හැකි මට්ටමේ කාර්‍යයක් ඉටු කළේ සමාජ මාධ්‍ය යි.

කෙසේ හෝ පියවි දෑසින් දකින පියවි කනෙන් ඇසෙන මිනිසකුට නම්, වත්මන් ආණ්ඩුව කෙරෙහි තදබල මහජන අප්‍රසාදයක් පළ වී ඇති බව හඳුනා ගැනීම අපහසු නොවනු ඇත. එහි පැහැදිලි කැඩපත බවට පත් ව ඇත්තේ ද සමාජ මාධ්‍ය යි. මහජන නියෝජිතයන් ඉතාම තදින් විවේචනය කරන, ඔවුන්ට බරපතළ ලෙස අපහාස කරන සමාජයක් අපට හඳුනා ගත හැකි ය. මහජන මතය තුළ එවැනි හැසිරීමක් පිළිඹිබු වීමේ සමාජ විද්‍යාත්මක යථාර්ථය කුමක් ද? පනත් හරහා වාරණය කිරීමෙන් හා පුරවැසියන් දණ්ඩනයට ලක් කිරීමෙන් එකී මහජන මතය වෙනස් කළ හැකි ද? මේවා න්‍යායික ව සාකච්ඡා කොට විසඳා ගත යුතු ගැටලු ය.

සංශෝධන සහිත ව ඉදිරිපත් වූ පනත් කෙටුම්පත යටතේ වැරැදි ලෙස අර්ථකථනය කර කර ඇති කරුණු කිහිපයක් පහත ආකාරයට හඳුනාගත හැකි ය.

* ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම
* අපහාසයට හේතු වන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම
* අසත්‍ය ප්‍රකාශ මඟින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම
* අසත්‍ය ප්‍රකාශ මඟින් ආගමික රැස්වීමකට බාධා කිරීම
* ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම
* ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම
* මාර්ගගත ක්‍රම හරහා අසත්‍ය සන්නිවේදනය කිරීමෙන් වංචා කිරීම
* අනෙකකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම
* සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මඟින් චේතනාන්විත ව ම නින්දා කිරීම
* කැරැල්ලක් හෝ රජයට විරුද්ධ ව වරදක් ආදිය සිදු කිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම
* හිරිහැර සිදු කිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම
* ළමා අපයෝජන
* වරදක් සිදු කිරීම සඳහා 'බොට්' සෑදීම හෝ අවභාවිත කිරීම
* කොමිෂන් සභාවේ විධානයකට අනුකූල ව කටයුතු කිරීම පැහැර හැරීම

පනත ක්‍රියාත්මක කිරීම හා ප්‍රායෝගිකය

කෙසේ හෝ මේ මොහොත වන විට 'මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය' නමැති පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබ, එය ශ්‍රී ලංකාව තුළ වලංගු නීතියක් බවට පත් ව ඇත. එබැවින් තවදුරටත් පනත් කෙටුම්පත සම්මත වීමට පෙර පැවති විරෝධතා ආදිය ගැන සාකච්ඡා කිරීමෙන් ප්‍රයෝජනයක් නැත. සිදු කළ යුත්තේ, මේ මොහොතේ සිට, පනත හා එය ක්‍රියාත්මක වීම පිළිබඳ සාකච්ඡා කිරීම යි.

අද දෙරණ 'බිග් ෆෝකස්' වැඩසටහන හා එක් වූ ප්‍රවීණ මාධ්‍ය විශ්ලේෂක හා විචාරක නාලක ගුණවර්ධන මහතා අද (26) මෙම පනත ප්‍රායෝගික ව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අදහස් රැසක් ම පළ කළේ ය.

පනත් කෙටුමපත ඉදිරිපත් වූ සමයේ, එනම් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් සති දෙකක් යන තුරු ඊට අභියාචනා සහ පෙස්සම් ඉදිරිපත් කිරීමට මහජනතාවට, සිවිල් සංවිධානවලට හා වෙනත් පාර්ශ්වයන්ට අවස්ථාව හිමි වේ. ඒ ආකාරයේ පෙස්සම් 45ක් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කෙටුම්පතට එරෙහි ව අධිකරණයේ ගොනු වී තිබිණි. එහි වගන්ති 57න් වගන්ති 31ක් සංශෝධන සහිත ව සම්මත කළ යුතු බව අධිකරණය විසින් දැනුම් දී තිබිණි. සංශෝධන රහිත ව තුනෙන් දෙකකින් සහ සංශෝධන සහිත ව සරල බහුතරයකින් ලෙස කෙටුම්පත සම්මත කළ හැකි බව අධිකරණය කථානායකට දැනුම් දී ඇත. කෙසේ වෙතත් කථානායක අස්සන් කොට සම්මත වූ කෙටුම්පත ප්‍රසිද්ධ ලියවිල්ලක් බවට පත් වන තුරු අධිකරණයේ නිර්මිතය (සංශෝධන කළ යුතු ආකාරය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ගැටෙන අවස්ථා පිළිබඳ අධිකරණයේ විවරණය) හා සම්මත වූ කෙටුම්පත සමාන ද වෙනස් ද යන්න පිළිබඳ පැහැදිලි ව කිව නො හැකි බව නාලක ගුණවර්ධන මහතා අවධාරණය කළේ ය.

මෙම පනත 'ඇත්ත නැත්ත තීරණය කිරීමේ පනත' ලෙස නාලක ගුණවර්ධන මහතා හඳුන්වා දුන්නේ ය. කෙසේ වෙතත් ඇත්ත නැත්ත අතර පරතරයක් පවතින බවත් එම අතරමැදි තත්ත්වය තුළ අර්ධ සත්‍යය, සම්පූර්ණ අසත්‍යය වැනි තත්ත්වයන් පැවතිය හැකි බවත් ඔහු සඳහන් කළේ ය. ඒ අනුව යම් කිසි පැමිණිල්ලකට අදාළ ව යම් කාරණයක් අපරාධමය වරදක් බව ඔප්පු කරන්නේ, පංච පුද්ගල කොමිසමකින් බවත් එය කෙතරම් ප්‍රායෝගික ද යන්න ගැටලු සහගත බවත් ඔහු පැවසීය.

''මිලියන 15ක විතර ජනතාවක් ලංකාවෙ ඇතුළෙ දවසකට තමන් ගෙ අදහස් සමාජ මාධ්‍ය තුළ පළ කරනවා. එතකොට මෙච්චර පිරිසක් අතින් සිදු වන දේවල්වලට අදාළ ව පැමිණිලි විභාග කරන්නේ මිනිස්සු පස් දෙනෙක් ඉන්න කොමිසමකින්. මේක කරන්න පුළුවන් වෙයි ද?'' යනුවෙන් ඒ මහතා 'බිග් ෆෝකස්' වැඩසටහන හා එක් වෙමින් සඳහන් කළේ ය.

''ලංකාවෙන් බාහිර ව සේවා සපයන ගෝලීය සමාගම් කොහොම ද මේ ලංකාවේ තියන නීතියකට යටත් කරලා ඒකේ වගවීමට නතු කරගන්නේ? ඒ වගේම ගෝලීය සමාගම්වල ආසියානු සන්ධානය අවස්ථා 03ක දී මහජන ආරක්ෂක අමාත්‍යාංශයට විස්තරාතමක ව ලිව්වා, මේ යන්ත්‍රණය ඇතුළේ තාක්ෂණික ව කරන්න බැරි දේවල් ගැන. ඒ වගේ ම ජාත්‍යන්තර මානව හිමිකම් යටතේත් කරන්න බැරි දේවල් තියෙනවා. ඒවත් ඒ අයට කරන්න බෑ කියලා කිවුවා. ඒ වගේම තමා මේ පනත යටතේ, යම් කිසි ප්‍රකාශයක් සිද්ධ කළාම අදාළ ප්‍රකාශනය සිදු කරපු කෙනා ගෙන් කොමිසම කරුණු විමසන්නේ නෑ. එතකොට මේක ඒක පාර්ශ්වීය යි. ඒ වගේම 'චේතනාව' සද්භාවය' වගේ යෙදුම් අර්ථකථනය කර ගැනීමේ දීත් ප්‍රායෝගික ව ගැටලු මතු වෙනවා. මිනිහෙක් ගේ සිත තුළ තියන දේ දැනගන්න පුළුවන් තාක්ෂණයක් තවම ලෝකෙට හඳුන්වලා දීලා නෑ. අරම වෙන්නත් පුළුවන්, මෙහෙම වෙන්නත් පුළුවන් වගේ දෙගිඩියාවෙන් තියන නීති හදන්න බෑ. එහෙම වුණොත් ඒවා පොලීසිය වගේ ආයතන තමන්ට ඕන විදියට අර්ථකථනය කරගන්න පුළුවන්".

මාර්ගගතවල ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ සඳහන් වැරැදි 14 තුළ ඇති කරුණු කිහිපයක් පිළිබඳ නාලක ගුණවර්ධන මහතා සිය විමර්ෂණාක්ෂිය යොමු කළේ ය. එහි එකඟ විය හැකි දේවල් සහ ගැටලු සහගත තැන් ද පවතින බව ඔහු පැවසීය. අධිකරණයට අපහාස කිරීම, ළමා අපයෝජනවලට අදාළ 23 වැනි වගන්තිය වැනි වගන්ති කොන්දේසි විරහිත ව එකඟ විය හැකි කරුණු බව ඔහු පැවසුවේ ය. කෙසේ වෙතත් එහි ඇති සමහර කරුණු ද දැනට පවතින දණ්ඩ නීති සංග්‍රහය තුළ පවතින බව ඔහු අවධාරණය කරයි. පෞද්ගලික විශ්වාසය මත හුවමාරු කරගත් ඡායාරූප, වීඩියෝපට ආදිය පසුකාලීන විරසක වීම් හේතුවෙන් පළිගැනීම සඳහා භාවිත කිරීම පිළිබඳ මෙතෙක් පැහැදිලි නීතියක් නොතිබි බවත් නව පනත යටතේ ඊට නීතිමය ආවරණයක් ලබා දී ඇති බවත් ඔහු සඳහන් කරයි. කෙසේ වෙතත් ළමුන් හා කාන්තාවන්ට අදාළ ව මෙම පනතේ ඇත්තේ, වගන්ති 02ක් පමණක් බව නාලක ගුණවර්ධන මහතා පවසයි.

ආගම පිළිබඳ ඇති නීති තුළ ද ගැටලුකාරී තත්ත්වයන් ඇති බව ඔහු සඳහන් කළේ ය. ආගම්වල අපහාස කිරීම් පිළිබඳ 1950 දශකයේ සිට පවතින නීතිය අදටත් බලාත්මක බව ඔහු සඳහන් කරයි. එය මාර්ගගත ක්‍රමවලට ද අදාළ වන බව ඔහු ගේ මතය වී ඇත. නමුත් නව පනත හරහා ආගම පිළිබඳ සිදු වන වැරැදි අර්ථකථනය කිරීමේ යම් ව්‍යාකූලත්වයක් ඇති බව නාලක ගුණවර්ධන මහතා සඳහන් කළේ ය. සියලු ආගම් විවේචනය කරන හේතුවාදීන් ගේ සංගමයේ පුද්ගලයකු 'දෙවියන් නැත' යනුවෙන් ප්‍රකාශයක් සිදු කළහොත් 'දෙවියන් ඇත' යනුවෙන් විශ්වාස කරන අයකුට පෙර ප්‍රකාශය සිදු කළ පුද්ගලයාට විරුද්ධ ව කොමිසමට පැමිණිලි කළ හැකි බව ඔහු පැවසීය.

නිසි නියාමනයක් සහිත ක්‍රමවේදයකට විරුද්ධ නොවන බවත් ප්‍රකාශනයේ නිදහස, මූලික මිනිස් අයිතිවාසිකම්, ස්වාභාවික යුක්තිය සහ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීම වැනි කාරණා සඳහා මෙම පනතෙන් අවංක ආවරණයක් ලැබිය යුතු බවත් ප්‍රවීණ මාධ්‍ය විශ්ලේෂක හා විචාරක නාලක ගුණවර්ධන මහතා අවසාන වශයෙන් සඳහන් කළේ ය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මහ වැසි නොතකා ජනපති කාර්යාලය ඉදිරිපිට රැය පහන්කරන්න සූදානම් වෙන මහ සඟරුවන

මහ වැසි නොතකා ජනපති කාර්යාලය ඉදිරිපිට රැය පහන්කරන්න සූදානම් වෙන මහ සඟරුවන

 මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනාධිපති ලේකම් පැමිණෙයි.."ඥානසාර හිමිට දුන් නිදහස නිවැරදි කරන්න"

මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනාධිපති ලේකම් පැමිණෙයි.."ඥානසාර හිමිට දුන් නිදහස නිවැරදි කරන්න"

මහනුවරට මෙට්‍රෝ බස් සේවාව දියත් කිරීමේ මුල් පියවර තබයි

මහනුවරට මෙට්‍රෝ බස් සේවාව දියත් කිරීමේ මුල් පියවර තබයි

 අම්පාර නගර සභාව යුද පිටියක් වෙයි - "සඟරුවනට අපහාස එපා..සිවුරටයි අත තිබ්බේ"

අම්පාර නගර සභාව යුද පිටියක් වෙයි - "සඟරුවනට අපහාස එපා..සිවුරටයි අත තිබ්බේ"

කොළඹට ළඟාවූ පාගමනේ නවතම දර්ශන මෙන්න

කොළඹට ළඟාවූ පාගමනේ නවතම දර්ශන මෙන්න

"මහා සංඝරත්නය ආණ්ඩුවට විරුද්ධව පෙළගැසීම හොඳ දෙයක් නෙමෙයි" - "අද කොළඹට වැඩම කරනවා"

"මහා සංඝරත්නය ආණ්ඩුවට විරුද්ධව පෙළගැසීම හොඳ දෙයක් නෙමෙයි" - "අද කොළඹට වැඩම කරනවා"

 "ජාතිවාදයට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ" | මොනරාගලදී ලාල්ගෙන් සැර කතාවක්

"ජාතිවාදයට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ" | මොනරාගලදී ලාල්ගෙන් සැර කතාවක්

 ඉදිරියට ඇදෙන පාගමනේ නවතම දර්ශන

ඉදිරියට ඇදෙන පාගමනේ නවතම දර්ශන

 "පාගමනක් ආවා කියලා අධිකරණ කටයුතුවලට අපි මැදිහත් වෙන්නේ නැහැ"

"පාගමනක් ආවා කියලා අධිකරණ කටයුතුවලට අපි මැදිහත් වෙන්නේ නැහැ"

 2026 රේගු ආදායම් ඉලක්කය කලින්ම සපුරලා ඉක්මවාත් ගිහින්.."ඊයේ වෙද්දී රු.බි. 2208ක් රැස් කළා"

2026 රේගු ආදායම් ඉලක්කය කලින්ම සපුරලා ඉක්මවාත් ගිහින්.."ඊයේ වෙද්දී රු.බි. 2208ක් රැස් කළා"

 පාගමන කොළඹ කොටුව ආසන්නයට..ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරක්ෂාව දැඩි කරයි

පාගමන කොළඹ කොටුව ආසන්නයට..ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරක්ෂාව දැඩි කරයි

එළියට වැඩම කරවීමේදී චීවරය දරා සිටීමට අවසර.. සිවුර ගැන කමිටුවේ නිර්දේශ අධිකරණ ඇමති හෙළිකරයි

එළියට වැඩම කරවීමේදී චීවරය දරා සිටීමට අවසර.. සිවුර ගැන කමිටුවේ නිර්දේශ අධිකරණ ඇමති හෙළිකරයි

 ලක්ෂපාන වත්තේ ඉරිතලා ගිය නිවාස.. - "බිත්ති පුපුරලා වැටිලා මැරුණම තමයි බලධාරීන් බලන්නේ"

ලක්ෂපාන වත්තේ ඉරිතලා ගිය නිවාස.. - "බිත්ති පුපුරලා වැටිලා මැරුණම තමයි බලධාරීන් බලන්නේ"

 චීවරය ඉවත්කිරීම ගැන එල්ලවන චෝදනා බන්ධනාගාරය ප්‍රතික්ෂේප කරයි

චීවරය ඉවත්කිරීම ගැන එල්ලවන චෝදනා බන්ධනාගාරය ප්‍රතික්ෂේප කරයි

 ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත්කිරීම ගැන පක්ෂ විපක්ෂ කතා

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත්කිරීම ගැන පක්ෂ විපක්ෂ කතා

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

රට පුරා තැන තැන අදත් තද වැසි

රට පුරා තැන තැන අදත් තද වැසි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

බන්ධනාගාරගත භික්ෂුන්ට චීවරයෙන් උසාවි වඩින්න ඉඩ - කමිටු වාර්තාව ජනපතිට

බන්ධනාගාරගත භික්ෂුන්ට චීවරයෙන් උසාවි වඩින්න ඉඩ - කමිටු වාර්තාව ජනපතිට

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට