ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

December 15, 2023   06:46 pm

නිල්වලා ගංගා ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව ඉදිරි පැය 24 තුළ මේ සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් ගන්නා වාහන පදවන්නන්ට මේ පිළිබඳ වඩාත් සැලිකිලිමත් වන ලෙස ද දැනුම් දෙයි.

මේ අතර, කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම ද ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර තිබේ.