ආසන වෙන්කළ හැකි දුම්රිය ගැන තොරතුරු දැනගැනීමට නව ජංගම දුරකථන යෙදවුමක්
November 24, 2023 04:13 pm
දුම්රිය ආසන වෙන්කිරීමේ දී මඟීන් වෙත පැන නගින ගැටලු සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ දුම්රිය මඟීන් වෙත හඳුන්වා දී තිබේ.
ස්වේච්ඡා සංවිධානයක් විසින් දුම්රියේ ගමන් ගන්නා මඟීන් වෙනුවෙන් නිර්මාණය කර ඇති යෙදවුමක් (App) හරහා මෙය සිදු කිරීමට නියමිත ය.
'RDMNS.LK Live Train Alerts Mobile' යෙදවුම හරහා මෙම නවතම විශේෂාංගය හඳුන්වා දී ඇති අතර,
නොවැම්බර් මස 23 සිට මෙම පහසුකම ජනතාව අතට පත්කර ඇත.
ජනතාවට
මෙම යෙදවුම,
දුම්රිය මැදිරි තුළට පිවිස නැරඹීමේ හැකියාව
ආසන වෙන් කිරීමේ ගාස්තු
දුම්රිය මැදිරිවල ඡායාරූප
ආසන වර්ග
ආසන අංක
එක් එක් ක්‍රමවේද ඔස්සේ ආසන වෙන් කිරීමේ උපදෙස්
වීඩියෝ දර්ශන
නිතර අසන ප්‍රශ්න
දුම්රිය කාලසටහන
වැනි තොරතුරු රැසක් සිංහල සහ ඉංග්‍රීසි යන භාෂාවලින් පරිශීලනය කර පහසුවෙන් ලබාගත හැකි වන අයුරින් නිර්මාණය කර ඇත.
මීට අමතර ව RDMNS LK ජංගම දුරකථන යෙදවුම මඟින් දුම්රිය තිබෙන ස්ථානය, දුම්රිය ප්‍රමාදය සහ ඒ අනුව ඉදිරියට ඇති දුම්රිය ස්ථාන සඳහා ළඟා වීමේ අපේක්ෂිත වේලාවන්, සජීවී පුවත් ඇතුළු දුම්රිය සම්බන්ධ සේවා රැසක් ලබාගැනීමේ හැකියාව ද ඇති බව වාර්තා වේ.