රහසිගතව ඇෆ්ගන් වැසියන් දහස් ගණනක් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ බවට හෙළිදරව්වක්

රහසිගතව ඇෆ්ගන් වැසියන් දහස් ගණනක් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ බවට හෙළිදරව්වක්

July 16, 2025   08:03 am

රහසිගත යෝජනා ක්‍රමයක් යටතේ දහස් ගණනක ඇෆ්ගනිස්ථානුවන් පිරිසක් එක්සත් රාජධානියට සංක්‍රමණය වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ 2022 පෙබරවාරි මාසයේදී, තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමෙන් පසු බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වීම සඳහා ඉල්ලුම් කළ 19,000කට ආසන්න පිරිසකගේ පුද්ගලික තොරතුරු මෙලෙස හෙළිව ඇති බවය.

මේ වන විට ඇෆ්ගන් ජාතිකයින් 4,500ක් බ්‍රිතාන්‍යට පැමිණ ඇති බවට වාර්තා වී තිබේ.

කෙසේවෙතත් අදාළ පිරිස් පිළිබඳව දත්ත රහසිගතව තබා ඇත්තේ රජය එය ප්‍රසිද්ධියට පත්වීම වැළැක්වීමේ තහනම් නියෝගයක් ලබා ගැනීමෙන් පසුව බව වාර්තා වේ.

ඇෆ්ගන් ජාතිකයින් පිළිබඳ තොරතුරු අඟහරුවාදා අනාවරණය වූයේ මහාධිකරණ විනිසුරුවරයෙකු විසින් වාරණය කිරීමේ නියෝගය ඉවත් කළ යුතු බවට තීන්දු කිරීමෙන් පසුව බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මෙම හෙළිවු ලේඛනයේ තලේබාන් සංවිධානයෙන් තර්ජන අවදානමක් ඇති පුද්ගලයින්ගේ නම්, සම්බන්ධතා තොරතුරු සහ පවුල්වල තොරතුරු අඩංගු වන බව ද සඳහන්ය.

රජය පවසා ඇත්තේ හෙළි වූ ලේඛනයට ඇතුළත් ඇෆ්ගන් සොල්දාදුවන් 600ක් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් 1,800ක් තවමත් ඇෆ්ගනිස්ථානයේ සිටින බවට අනාවරණය වී ඇති බවය.