සයුරෙන් එතෙර
ත්‍රස්තවාදයට පිළිතුරු දියයුතු අයුරු ඉන්දියාව පහදයි
July 16, 2025 05:15 pm
ත්‍රස්තවාදයට එරෙහිව සම්මුති විරහිත ස්ථාවරයක් ගැනීම වැදගත් බව ඉන්දියාව අවධාරණය කරයි.
චීනයේ පැවැති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මේ බව පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ පහලගම් වෙත එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය උපුටා දක්වමින් ජයිශංකර් මේ බව පවසා ඇත.
එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ ත්‍රස්තවාදය, බෙදුම්වාදය සහ අන්තවාදය බොහෝ විට එකට සිදුවන ක්‍රියාවන් ත්‍රිත්වයක් බවය.
ආගමික භේදයක් වපුරමින් ජම්මු - කාශ්මීරයේ සංචාරක ආර්ථිකයට හානි පැමිණවීමට පහල්ගම් ප්‍රහාරය හිතාමතාම සිදු කරන ලද්දක් බවට ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා චෝදනා කරයි.
වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙනඒම සඳහා ඉන්දියාවේ කැපවීම ද ඔහු එහිදී අවධාරණය කර තිබුණි.