ගාන්ධිතුමාගේ තෙල් සායම් චිත්‍රයකට එංගලන්තයේදී ඉහළ මිලක්

ගාන්ධිතුමාගේ තෙල් සායම් චිත්‍රයකට එංගලන්තයේදී ඉහළ මිලක්

July 16, 2025   04:49 pm

මහත්මා ගාන්ධිතුමාගේ දුර්ලභ තෙල් සායම් චිත්‍රයක් ලන්ඩනයේ පැවති වෙන්දේසියකදී පවුම් 152,800 කට (ඩොලර් 204,648) අලෙවි වී තිබේ.

1931දී මහත්මා ගාන්ධි ලන්ඩනයට ගිය අවස්ථාවේදී බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පී ක්ලෙයාර් ලයිටන් විසින් පින්තාරු කර ඇත.

මහත්මා ගාන්ධි ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව අවිහිංසාවාදී විරෝධතා ව්‍යාපාරයක් මෙහෙයවූ අතර බොහෝ ඉන්දියානුවෝ ඔහුව "අවිහිංසාවාදයේ පියා" ලෙස සැලකූහ.