මෙරට තරුණ දේශපාලනඥයින් පිරිසක් ඉන්දීය විදේශ කටයුතු ලේකම් හමුවෙයි

මෙරට තරුණ දේශපාලනඥයින් පිරිසක් ඉන්දීය විදේශ කටයුතු ලේකම් හමුවෙයි

July 16, 2025   08:54 am

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ 14කට අයත් තරුණ දේශපාලනඥයින් 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවේ විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි මහතා හමුව තිබේ.

ඒ අදාළ පිරිස සති දෙකක වැඩසටහනක් සඳහා ඉන්දියාවට ගොස් සිටිය දී බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, රන්ධීර් ජයිස්වාල් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

මෙහිදී ඉන්දු - පාකිස්තාන අර්බුදයෙ බලපෑම සහ නව කලාපීය සහයෝගීතාවයක් නිර්මාණය කිරීමට ඉන්දියාව නායකත්වය ගනු ලබන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද සාකච්ඡාවට යොමු කර තිබේ.

එමෙන්ම ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය අගය කිරීමට ද මෙම පිරිස කටයුතු කර ඇත.

මේ අතර, අනාගත කොටස්කරුවන් ලෙස ඉන්දු - ශ්‍රී ලංකා හවුල්කාරිත්වය සම්බන්ධයෙන් වටිනා කාර්යභාරයක් ඉටු කිරීමට ඇති බව ද මෙහිදී විදේශ කටයුතු ලේකම්වරයා අවධාරණය කර තිබේ.