වක්‍ර බදු සඳහා ලොකු වෙනසක්

වක්‍ර බදු සඳහා ලොකු වෙනසක්

November 13, 2023   05:20 pm

සෞඛ්‍ය, අධ්‍යාපනය සහ අත්‍යවශ්‍ය ආහාර වර්ග කිහිපයකට අදාළ නිෂ්පාදන හැර අනෙකුත් සියලුම එකතු කිරීමේ අගය මත බදු නිදහස් කිරීම් 2024 ජනවාරි මස සිට ඉවත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසුවේ එකතුකළ අගය මත බදු අනුපාතය 2024 ජනවාරි සිට 18%ක් දක්වා සංශෝධනය කර ඇති බවයි.

මෙය ඉන්දියාව සහ පාකිස්තානය වැනි කලාපීය රටවල VAT හා ශ්‍රී ලංකාවේ එම අගය පෙළ ගස්වා ඇති බව ජනපතිවරයා පැවසීය.

VAT ඉලක්ක සපුරාගැනීමෙන් අනතුරුව විකෘති ස්වාභාවයක් ඇති සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද වැනි අනෙකුත් වක්‍ර බදු ඉවත් කිරීමටත් විශේෂ වෙළෙඳ බද්ද තාර්කීකරණය කිරීමට ත් හැකිවෙතැයි අයවැය යෝජනාවලියෙහි දැක්වෙයි.