පාකිස්තාන පොලිස් වෑන් රථයකට බෝම්බ ප්‍රහාරයක් 
සයුරෙන් එතෙර

පාකිස්තාන පොලිස් වෑන් රථයකට බෝම්බ ප්‍රහාරයක් 

September 11, 2024   06:03 pm

පාකිස්තානයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ දකුණු වසිරිස්තානයේ පොලිස් වෑන් රථයක් ඉලක්ක කර දුරස්ථ පාලක බෝම්බයක් පුපුරා හැර ඇති බවය.

ඉන් පොලිස් නිලධාරීන් 06 දෙනෙකු සහ සිවිල් වැසියන් 07 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වුණි.