රතන හිමිගේ පක්ෂ සාමාජිකත්වය ගැන අධිකරණය දුන් නියෝගය

රතන හිමිගේ පක්ෂ සාමාජිකත්වය ගැන අධිකරණය දුන් නියෝගය

October 13, 2023   02:51 pm

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට අපේ ජන බල පක්ෂය ගත් තීරණය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

තමන්ව පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට එරෙහිව අතුරලියේ රතන හිමියන් විසින් ගොනුකළ පෙත්සමක තීන්දුව දෙමින් ජනක් ද සිල්වා,  මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ අපේ ජන බල පක්ෂයේ විනය කමිටුව විසින් 2021 වසරේ ඔක්තෝම්බර් මස 15 වනදා නිකුත් කරනු ලැබූ ලිපියක් මගින් පෙත්සම්කාර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට තීරණය කර ඇති බව දැනුම් දී ඇති බවය.