සොරකමක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
September 7, 2025 05:52 pm
ගෙවල් බිඳ දේපල සොරකම් කිරීම සම්බන්ධයෙන් හා සොරකම් කරන ලද භාණ්ඩ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු බේරුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 05 වනදා නිවසක් බිඳ රුපියල් කෝටි 03කට ආසන්න වටිනාකමින් යුතු මැණික් ගල් තොගයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බේරුවල පොලිසියට ලද පැමිණිල්ලක් මත මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ගෙවල් බිඳ දේපල සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු 41 හැවිරිදි වියේ පසුවන හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.
අදාළ සැකකරු විසින් සොරකම් කරන ලද මැණික් ගල් විකිණීම සඳහා බේරුවල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකුට ලබාදී ඇති අතර සොරබඩු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් විවිධ ප්‍රමාණයේ මැණික් ගල් 106ක් ද සමඟ එම පුද්ගලයා ද මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.