කාසියේ වාසිය නෙදර්ලන්තයට

කාසියේ වාසිය නෙදර්ලන්තයට

October 6, 2023   01:40 pm

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර තරගය අද (06) පැවැත්වෙයි.

ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදී එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 2ට ආරම්භ වීමට නියමිතය.

එහි කාසියේ වාසිය දිනාගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තානයට ලබාදීමටය.

තරගාවලියේ ඊයේ (05) පැවැති පළමු තරගයෙන් එංගලන්ත කණ්ඩායම පරදා කඩුළු 09 විශිෂ්ට ජයක් හිමි කරගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.