
අධිකරණය විසින් මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවූ කාන්තාවකගේ දේපොළ අත්හිටුවීමට නියෝග කර තිබේ.
මහනුවර මහාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත.
මහනුවර , කුණ්ඩසාලේ, මහවත්ත ප්‍රදේශයේ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ කාන්තාවකගේ දේපොළ මෙලෙස අද අත්හිටුවනු ලැබීය.
එම දේපළවල භාරකාරීත්වය කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත පැවරුණු අතර නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.





















































