දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක්ව ඝාතනය කෙරේ
September 13, 2023 08:26 am
දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක්ව ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (12) දහවල් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ දුම්රිය නිවාස, රත්මලාන ලිපිනයේ පිහිටි නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී තුවාල ලැබු පුද්ගලයෙක් කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.
එහිදී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වු බවට ගල්කිස්ස පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 41ක් වූ බියගහ, මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු තාවකාලිකව දුම්රිය නිවාසවල පදිංචිව සිට ඇත.
පොලීසිය සඳහන් කළේ, පුද්ගලික ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් දුම්රිය දෙපාර්තමේන්තු සේවකයාට පිහියෙන් ඇන ඇති බවය.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර මොරටුව පොලිස් වසමේ ලුනාව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී තියුණු ආයුධයකින් පහරදීමෙන් අවුරුදු 58ක් වන පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මොරටුව පොලීසිය ප්‍රකාශ කරයි.
බහින් බස්වීමක් අතරතුරදී කඩුවකින් පහරදීමෙන් බරපතළ තුවාල සිදුව ඇති අතර රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා මියගොස් ඇත.
අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.