කලම්බෝ ස්ට්‍රයිකර්ස් ට ලකුණු 174ක ඉලක්කයක්

කලම්බෝ ස්ට්‍රයිකර්ස් ට ලකුණු 174ක ඉලක්කයක්

July 30, 2023   09:32 pm

අද (30) ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් සහ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ පස්දෙනෙකු දැවී ලකුණු 173ක් රැස් කළේය.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ Towhid Hridoy  පන්දු 39කට ලකුණු 54 ලබා ගත් අතර දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 25ක් රැස් කළේය.

තරගයේ කාසිය වැසිය දිනූ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළේය.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වේ.