පොලිස් නිලධාරියාට පහරදුන් කාන්තාව ඇතුළු 3ක් අත්අඩංගුවට

පොලිස් නිලධාරියාට පහරදුන් කාන්තාව ඇතුළු 3ක් අත්අඩංගුවට

May 25, 2023   10:10 am

පොලිස් නිලධාරියෙකුට පහර දී රාජකාරියට බාධා කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ෂන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පාලම අසල රථවාහන රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු හිස් වැසුම් නොමැතිව ධාවනයේ යෙදුනු යතුරුපැදිකරුවෙකු පරීක්ෂා කිරීමට යාමේදී එම ස්ථානයට තවත් කාන්තාවක් පැමිණ පොලිස් නිලධාරියා සමග ආරවුලක් ඇති කරගෙන ඔහුට පහර දීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

එහිදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සැකකරුවන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (25) ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකාර කාන්තාව සහ පුද්ගලයින් දෙදෙනා පට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 51, 20 සහ 22 හැවිරිදි වියේ පසුවන බව වාර්තා වේ.