ජනකගේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ජනකගේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

May 23, 2023   01:42 pm

පසුගිය උසස් පෙළ විභාගය පැවති සමයේ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු පෙත්සම නිශ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුවේ තමන්ට එරෙහිව සිදුකර තිබෙන අගතිදායක නිර්දේශ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් ගොනුකළ මැදිහත්වීමේ පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කර තිබේ.

දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කරනු ලැබීය.