ඇමති විජිතගෙන් ඇමතුමක් එනකම් බලා ඉන්න ගම්මන්පිල

ඇමති විජිතගෙන් ඇමතුමක් එනකම් බලා ඉන්න ගම්මන්පිල

October 18, 2024   07:44 pm

ජාතික ආරක්ෂාවට සංවේදී කිසිම ඇමුණුමක් ප්‍රසිද්ධ නොකරණ බවත්, කොමිෂන් වාර්තා පමණක් ප්‍රසිද්ධ කරන බවත් සර්වජන බලයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදය ගම්මන්පිල මහතා පවසයි.

සර්වජන බලය පක්ෂ මූලස්ථානයේ අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

"රාජ්‍ය රහස වෙන්නේ වාර්තාවේ තිබෙන ඇමුණුම්. මම විජිත හේරත් ඇමතිතුමාට දුරකථනයෙන් කථාකළා ඇමුණුම් භාරදෙන්න සූදානම්" දිනයක් සහ වෙලාවක් කියන්න කියලා. ඔහු දුරකථනයට උත්තර දුන්නෑ. පසුව එතුමාට කෙටි පණිවිඩයක් යැව්වා මම උදය ගම්මන්පිල, හැකි ඉක්මනින්න මාව අමතන්න කියලා. ඒකටත් මේ දක්වා ප්‍රතිචාරයක් නැහැ. එතුමා හිතාමතා මාව මඟහරින බවක් පෙන්නේ. ඒ නිසා එතුමාට  ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් දැම්මා. අපි ප්‍රසිද්ධ කරන්නේ කොමිෂන් වාර්තා පමණයි. ජාතික ආරක්ෂාවට සංවේදී කිසිම ඇමුණුමක් ප්‍රසිද්ධ කරන්නේ නෑ".