මියගිය ඌරන්ගේ සිරුරු තැන තැන

මියගිය ඌරන්ගේ සිරුරු තැන තැන

October 18, 2024   05:11 pm

මියගිය ඌරන්ගේ සිරුරු රැසක් කිසියම් පිරිසක් ජා-ඇළ දඬුගම ප්‍රදේශයේ ඇළ මාර්ගවලට දමායාම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවකට මුහුණ දී සිටී.

ඌරු ගොවිපොළවල පැතිරෙන වෛරසයක් නිසා මියයන ඌරන් මෙලෙස ගෙනැවිත් දමන්නට ඇති බවට ජනතාව චෝදනා කරති.

මේ අතර මෙම වෛරස් රෝගය සැලකිල්ලට ගෙන, පශු වෛද්‍ය සහතිකයක් නොමැතිව දිස්ත්‍රික්ක අතර ඌරන් ප්‍රවාහනය තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා හේමාලි කොතලාවල මහත්මිය මේ  බව සඳහන් කළාය.

බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වල ඌරු ගොවිපොළ ආශ්‍රිතව මේ දිනවල පැතිර යන වෛරසයක් නිසා ඌරන් විශාල ලෙස මියයාමට පටන් ගෙන ඇත.

ගොවිපොළ හිමිකරුවන් පවසන්නේ, රෝගය වැලඳී දින දෙකක් තුළ සතුන් මියයන බවය.