පෙම් යුවළකට අත්වූ අවාසනාවන්ත ඉරණම
April 24, 2023 12:59 pm
මාළු මිලදී ගනිමින් සිටින අවස්ථාවේ දී ලොරි රථයකට යටවී තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇගේ පෙම්වතා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කළුතර දකුණ පොලීසිය පවසයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ කළුතර, වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කන්දමුලගෙ උදේනි නිමාෂා නම් 23 හැවිරිදි තරුණියකි.
එම තරුණ යුවළ මෑතකදී විවාහවීමට බලාපොරොත්තුවෙන් සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පැවසීය.
ඔවුන් ඊයේ (23) රාත්‍රී කළුතර දෙස සිට මතුගම දෙසට යතුරුපැදියෙන් යමින් සිට ගල්අස්හේන හන්දියේ නවතා මාළු මිලදී ගනිමින් සිට ඇත.
එහිදී කළුතර දෙස සිට මතුගම දෙසට ධාවනවූ ලොරි රථයක් මොවුන්ගේ ගැටී අනතුර සිදුව ඇත.
අදාළ අනතුරින් බරපතළ තුවාල ලබා සිටි දෙදෙනා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.
පසුව තරුණිය මියගොස් ඇති අතර තරුණයා බරපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.