සෝමාලියාවේ අන්තවාදීන්ට පහරදීමට අමෙරිකාව සැරසෙයි

සෝමාලියාවේ අන්තවාදීන්ට පහරදීමට අමෙරිකාව සැරසෙයි

February 2, 2025   04:33 pm

අප්‍රිකානු රාජ්‍යයක් වන සෝමාලියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී කල්ලිය වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

එම ප්‍රකාශයත් සමග සෝමාලි හමුදාව සිය මෙහෙයුම් පුළුල් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෝමාලියානු භූමියෙන් වැඩි කොටසක් මේ වනවිට අවිගත් කල්ලිවල පාලනය යටතේ පවතින අතර, එය ගෝලීය සාමයට දැඩි හිසරදයක් වී තිබේ.

ඒ අනුව සෝමාලියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී කල්ලිය ඉලක්ක කරගෙන ගුවන් ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත.

'X'පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ, සෝමාලියාවේ IS නායකත්වය තම ඉලක්කය බවයි.

මේ වනවිට ඔහු සෝමාලියාවේ උතුරු කලාපයේ සැඟවී සිටින බව වාර්තා වේ.

මේ අතර එරට පුන්ට්ලන්ඩ් ප්‍රාන්තයේ දැනටමත් ගැටුම් පවතින අතර, එහිදී IS භූමි අත්පත් කරගනිමින් ඉදිරියට යාමට පුන්ට්ලන්ඩ් ආරක්ෂක බලකා සමත්ව සිටියි.